Tuesday, October 14, 2014

TV රිමෝට් කන්ට්‍රෝලරයෙන් 230V බල්බ් දල්වමු. ෆෑන් ON/OFF කරමු.

TV රිමෝට් කන්ට්‍රෝලරයෙන් 230V බල්බ් දල්වමු. ෆෑන් ON/OFF කරමු.

ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත යන කියමන මිනිස් සමාජය අරඹයා නිර්මාණය වූවක් වුවත් දුරස්ථ පාලක සම්බන්ධයෙනුත් එය සත්‍යයක් වන බව මා මෙන්ම ඔබත් අත්දැක ඇතුවාට කිසිදු සැකයක් නැහැ. මා එසේ පවසන්නේ ටී.වී රිමෝට් කන්ට්‍රෝලරයෙන් කැසට් යන්ත්‍රය හෝ ඩී.වී.ඩී ප්ලේයරය හැසිරවීමට නොහැකිවා සේම ඒ.ඒ. උපකරණයන්ට අදාලව නියමිත දුරස්ථ පාලකය මගින් පමණක් අදාල උපකරණය හැසිරවිය හැකි බව අත්දැක ඇති නිසාවෙනි. කෙසේ වෙතත් මා අද සාකච්චා කිරීමට බලාපොරොත්තු වන්නේ කිසියම් උපකරණයකට අදාලව නිකුත් කෙරෙන දුරස්ථ පාලකයකට ප්‍රතිචාර දක්වන ග්‍රාහකයක් නිර්මාණය කරගත හැකි ක්‍රමවේදයක් සම්බන්ධවයි. අවසාන අදියරේදී දුරස්ථපාලකයක් මගින් 230V විදුලියට සම්බන්ධ කර තිබෙන බල්බ, විදුලි පංකා වැනි උපාංගයක් බලගැන්වීම දක්වා සාකච්චා කිරීමටත් අදහස් කරන අතර ඉන්ෆ්‍රාරඩ් තාක්ෂණය සම්බන්ධයෙන් ඉංග්‍රීසි භාෂාවෙන් ඇති සරල මෙන්ම සම්පූර්ණ හැදින්වීමක් මෙම සබැදියෙන් ලබාගත හැකියි.

ඉන්ෆාරඩ් සෙන්සරය (Photo Module) හදුනාගනිමු.
 දුරස්ථ පාලකයකින් හැසිරවිය හැකි ගෘහාශ්‍රිත උපකරණ බොහෝමයකම, දුරස්ථපාලකයේ සිට අදාල උපකරණය වෙත සංඤා නිකුත් කෙරෙනුයේ කිලෝහර්ට්ස් 38 හෝ ඊට ආසන්න සංඛ්‍යාතයක් ඔස්සේයි. ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන ඉන්ෆ්‍රාරඩ් ග්‍රාහක පරිපථයේ හදවත සේ සැලකිය හැකි ඉන්ෆ්‍රාරඩ් සෙන්සරය, Photo Module , Photo Sensor යන විවිධ නම් මගින් හැදින්වෙන අග්‍ර 03කින් සමන්විත කුඩා උපාංගයකි. මෙම උපාංගය ක්‍රියාත්මක වීම සදහා වෝල්ට් 05ක විදුලියක් අවශ්‍ය වන අතර  ඉදිරියට මදක් නෙරා ඇති පැත්ත මුහුණත දෙසට හරවා ගත් කළ වම් පසින් ඇති එක ලගින් පිහිටන අග්‍ර දෙකට පිළිවෙලින් 0V සහ +5V ලබා දිය යුතුය. මදක් දකුණු පසට වන්නට පිහිටන අග්‍රය පිටවුම් අග්‍රය (Out Put) ලෙස පහසුවෙන් හදුනා ගත හැකිය. IR සංඤාවක් නොමැති විට පිටවුම් අග්‍රය මගින් 5V පිටකරනු ලබන අතර IR සංඤාවක් ලද වහාම එහි පිටවුම් අග්‍රයේ වෝල්ටීයතාවය වෝල්ට් 2ක පමණ අගයක් දක්වා වෙනස් වීම මෙම උපාංගයේ සරල ක්‍රියාකාරීත්වයයි.සාමාන්‍යයෙන් මෙවැනි උපාංගයක මිළ රු.50/= කට ආසන්න වන අතර ප්‍රධාන පෙළේ ඉල්‍රක්ට්‍රොනික් උපාංග අලෙවිසල් වල  දක්නට ලැබෙන්නකි.

සරල දුරස්ථ පාලක ග්‍රාහක පරිපථය
This service is help customers to repair broken phones & computer immediatly & good suppord to our customers.......

No comments:

Post a Comment