Thursday, December 4, 2014

 

Android වලට සිංහල Install කිරීම No Root 


Android Phone වල තියෙන ගැටලුවක් තමයි සිංහල අකුරු පෙන්වන්නෙ නැති එක, ඉතින් අපිට පුලුවන් phone එකට සිංහල Fonts install කරන්න.



Samsung Galaxy / Note වැනි Phone වලට සිංහල දානවනම් Root කිරීම අනවශ්‍යයි. ඒ phone වලට සිංහල දාන විදිය මෙතනින් බලාගන්න --- How to install Sinhala for android (without root)

(ලින්ක් එකට ගිහින් තත්පර 5ට පසුව උඩ දකුණු කෙළවරේ Skip Ad ඔබන්න)


වෙනත් Phone එකකින් කරනවානම් මුලින්ම Phone එක Root කරලා තියෙන්න ඕනෙ, එහෙම නැත්නම් මෙතනින් ගිහින් Root කරන්න. -  Computer නැතුව App එකෙන්ම Phone එක root කරමු



එහෙනම් දැන් Download කරගන්න Sinhala Font ටික මෙතනින් - DroidSansFallback



මේ Font ටික install කරන්නනම් අපිට Root Explorer කියන App එක අවශ්‍ය වෙනවා ඉතින් මෙන්න Root Explorer එක - Root Explorer



හරි දැන් අර Sinhala font file ( DroidSansFallback ) එක Extract කරගන්න.

Windows වලින් කරනවනම් Right Click කර Extract ඔබා Memory Chip එකට File ටික Copy කරගන්න.
Android වලින් නම්  DroidSansFallback එක Extract කරන්න File එක උඩ තත්පර 4ක් පමණ Click කරගෙන සිටින්න එවිට Extract ඔබන්න.


දැන් Root Explorer එක Install කරන්න.එයට Root permissions ලබා දෙන්න.






Root Explorer එකෙන් අර Font File එක Click කරලා Copy ඔබන්න.



පසුව System/Fonts Folder එකට යන්න.එහි Mount R/W ලෙස ලබා දෙන්න.






දැන් මෙතන අර Extract කරගත්තු Folder එක Paste කරන්න. ( මෙහිදී Root Permission ඉල්ලුවොත් Allow කරන්න )






දැන් OK කරලා phone එක Restart කරන්න.



වැඩේ හරි එහෙනම් දැන් Phone එකේ සිංහලත් වැඩ.



Opera mini එකේ කලින් Bitmap විදියට Sinhala දාපු අය ඒක ඉවත් කරන්න එවිට පැහැදිලි සිංහල අකුරු Opera mini එකටත් ලැබේ.



Jaliya chathuranga

 

 

Sunday, November 2, 2014

<<<<****WINDOWS 10****>>>>
මෙතනින් ගන්න.
bit 32 (http://bit.do/TT8X)
bit 64 (http://bit.do/TT9H)
මෙතනින් install කරන විදිය බලන්න.
(http://bit.do/TT96)






 **>>>>>Get My Videos Back<<<<<***

හීරැන CD වල වීඩියෝ නියම software එකක් තමයි මේ.
මේක ඇත්තටම ගොඩක් වටින software එකක්.
ඔයාල දන්නවනේ CD"VCD" DVD ගැන.
අපි අපේ වැදගත් ගොඩක් දේවල් අපි මේවට දාල තියනවා.

ඒත් ටික කාලයක් ගියාම හිරිල හරි මෙනව හරි වැටිල හරි
වැඩ කරන්නෙ නැතුව යනවා.

ඉතින් මෙන්න ඒකට හොදම විසදුම.

මෙතනින් software එක ගන්න (http://bit.do/TRu3)






 ****Keyman වෙනුවට Sinhala Key Help*****

Keyman කියන්නෙ බොහෝ දෙනාට අවශහ් software එකක්. කිසියම් සිංහල font එකකින් office, photoshop වැනි මෘදුකාංග මත ලියන කොට ඉස්පිලි, පාපිලි නිසි පරිදි හැසිරවීම තමයි මේකෙන් සිදු කරන්නේ. නැතිනම් අදාල අකුරු මත හරියට ඉස්පිලි පාපිලි ස්ථාපනය වෙන්නෙ නෑ..

ඒත් මේ keyman software එක windows 7 හා windows 8 සංස්කරණ වලදි බොහොමයක් ගැටළු ඇති කරනවා. crack/patch භාවිතා කරන්නත් වෙනවා. keyman එක්ක හෙළබස මෘදුකාංගයත් අවශ්‍ය වෙනවා. මේක තරමක් පරිගණකයට බර මෘදුකාංගයක් නිසා startup එකටත් වැඩි කාලයක් ගත කරනවා.

මේ සියල්ලටම විසඳුමක් ලෙස තමයි Sinhala Key Help එළිදකින්නෙගගග Keyman වලට වඩා ගොඩක් සැහැල්ලු (light) software එකක් කියන්න පුළුවන්. ඉතා අඩු memory usage එකක් සහිතව ක්‍රියාත්මක වන නිසා ඕනම අඩු performance සහිත පරිගණකයක උනත් භාවිතා කරන්න පුළුවන්. තව keyman මෙන් එක් එක් windows සංස්කරණ වලට එක එක edition අවශ්‍ය වෙන්නෙ නෑ. මේ දැනට එම beta version එක Windows 8, Windows 7, Windows Vista, Windows Server, Windows XP සියල්ලටම එක සමානව සහය දක්වනවා..


 https://docs.google.com/uc?export=download&id=0B5USxFNnKqPmTWdocG5aRzFPWE0





 >>>>IDM වෙනුවට හොඳම එක - EagleGet downloader<<<<

IDM එහෙමත් නැති නම් Internet Download Manager තමයි දැනට අපි බොහෝ දෙනෙක් භාවිතා කරන්නෙ. ඒත් ඒක නොමිලේ දෙන software එකක් නම් නෙවෙයි. ඒ නිසා crack/patch කරත් සමහර වෙලාවට වැඩ කරන්නෙ නෑ..

මේ දැන් කියන්නෙ IDM වලට වඩා හොඳ නොමිලේ දෙන download manager software එකක්.. IDM වගේම ක්‍රියාකාරීත්වයක් සහ වේගයක් මේකට තියෙනවා. ඊටත් වඩා වැඩි පහසුකම් කිහිපයකුත් අන්තර්ගතයි.. වැදගත්ම දේ මේක සම්පූර්ණයෙන්ම නොමිලේ updates ලබාදීම.. නමුත් බොහෝ දෙනෙක් හුරුපුරුදු IDM සංස්කෘතියෙන් මිදෙන්න ටිකක් අකමැතියි. නමුත් කරදරකාරී නැති freeware භාවිතය කෝකටත් හොඳයි.. ඒ වගේම මේක දැනට භාවිතයේ පවතින සෑම web browser එකකටම support කරනවා.
යම් file එකක් අතරමඟදි download වීම නැවතුනොත්, ආපහු ඒ නැවතුණු තැන ඉඳන් download කිරීමේ හැකියාව මේකට තියෙනවා..

තව යම් download link එකක් copy කරාම IDM වලට වඩා ඉක්මනට ඒකෙ ප්‍රමාණය සහ ඔබේ පරිගණකයේ ඉතිරි ධාරිතාවය පෙන්වනවා.. සාමාන්‍ය download කිරීමකට වඩා x6 ගුණයක් මේක වේගවත්..

මේක තියෙනව නම් IDM අවශ්‍ය නෑ...

(http://bit.do/Tku6) මෙතනින් ගන්න.


CH Mobile (Jaliya Chathuranga) 
 
 This service is help customers to repair broken phones & computer immediatly & good suppord to our customers.......

Monday, October 27, 2014

පිලිස්සුනු සී.එෆ්.එල් විදුලි බුබූලු නැවත පාවිචිචියට ගමු....

විදුලි බිල අඩු කරන්න තියෙන හොදම විසදුම සී.එෆ්.එල් විදුලි බුබුලු පාවිචිචි කරන එක කියන කාරණය අප කවුරුත් දන්නා දෙයක්. ඒත් හොද වර්ගයේ සී.එෆ්.එල් විදුලි බුබුලක මිල නම් ටිකක් විතර වැඩි නිසා බොහෝ වෙලාවට පේව්මන්ට් එකේ රු 50 ට 60ට විකුණන්න තියෙන සී.එෆ්.එල් විදුලි බුබුලි මිළදී ගැනීමටත් බොහොමයක් දෙනා උනන්දු වනවා. නමුත් ඒවයින් අප බලාපොරොත්තු වන තරමේ හොද ආලෝක තත්වයක් නොලැබෙන බව නම් අප අත්දැකීමෙන් දන්නා කරුණක්. කෙසේ වුවත් මේ ඕනෑම වර්ගයේ සී.එෆ්.එල් බුබුලක් පිලිස්සුනු පසු නැවත පාවිචිචියට ගැනීමේ හැකියාවක් නම් නැහැ.
නමුත් මම මේ කියන්න යන්නේ පිලිස්සී ගිය සී.එෆ්.එල් බුබුලක් නැවත පාවිචිචියට ගත හැකි ක්‍රමයක් ගැනයි.  සාමන්‍ය විදුලි බුබුලක තිබෙන්නේ සූත්‍රිකාවක් පමණක් වුවත් සී.එෆ්.එල් බුබුලක සූත්‍රිකාව අඩංගු ටියුබයක් වැනි කොටසට අමතරව විද්‍යුත් පරිපථ කොටසක්ද ඇතුලත් වනවා. පිලිස්සී ගිය බොහොමයක් සී.එෆ්.එල් බුබුලු පරීක්ෂා කිරීමේදී පෙනී ගිය කරුණක් නම් වැඩිමණක් බූබුලු වල පිලිස්සී තිබෙන්නේ සූත්‍රිකාව අඩංගු ටියුබ් කොටස බවයි. ඉතිං ඔන්න දැන් මම තව ටිකක් අතීතයට යනවා. මතකද ඒ දවස් වල අපි පාව්ච්චි කරපු ෆ්ලොරසන්ට් බල්බ් එක එහෙමත් නැත්නම් අප කවුරුත් දන්නා බාසාවෙන් හදුන්වන ටියුබ් බල්බ් එක . දැන් නම් ෆ්ලොරසන්ට් බල්බ් පාවිච්චි වන්නේ ඉතාමත් අඩුවෙන්. ඒකට හේතුව වශයෙන් මා දකින්නේ ෆ්ලොරසන්ට් බල්බ් වල තියෙන Choke එකේ   මිල රු 300 කට ආසන්න අගයක පැවතීමයි. ඒ ගාන දීල Choke එකක් අරගෙන ෆ්ලොරසන්ට් බල්බ් එක නැවත හදා ගන්නවාට වදා ලාබයි හොද වර්ගයේ සී.එෆ්.එල් බල්බ් එකක්ම සමාන මුදලකට මිලදී ගන්න එක.

ඉතින් මම කියන මේ වැඩෙටත් අවශය වන්නේ ඔන්න ඔය ටියුබ් බල්බ් එකක්. හැබැයි මිල අධික Choke එක Starter වත් එකවත් මේ කාර්යයට අවශය නැහැ. මුලින්ම පිලිස්සුන සී.එෆ්.එල් බුබුලක් අරගෙන පරිස්සමෙන් එහි කොටස් දෙක වෙන් කරගතහැකි ස්ථානයෙන් වෙන් කරගත යුතු වනවා. දැන් ඔබට පෙනී යනවා ඇති සූත්‍රිකාව අඩංගු ටියුබ් කොටස විද්‍යුත් පරිපථ කොටස හා සම්බන්ධ වන්නේ කුඩා කම්බි 4කින් බව. සමහර බල්බ් වල නම් මේ සම්බන්ද කිරීම ඊයම් වලින් පාස්සා තිබෙනවා, නමුත් සමහර බල්බ් වල නම් ඊයම් වලින් පාස්සන්නේ නොමැතිවත් තිබෙනවා. කෙසේ වෙතත් ඔබ හට සිදුවෙනවා මෙන්න මේ කියන කොටස් දෙක පරිස්සමින් වෙන් කර ගැනීමට.ඉන් පසු කළයුත්තේ පරිපථ කොටස හොද තත්වයේ ඇත්දැයි පරීක්ෂා කර ගැනීමයි. මේ සදහා නම් මල්ට් මීටර් කියන උපකරණයේ ඇති වෝල්ට් මීටරයක් අවශ්‍ය වනවා. නමුත් ඔබට දැනට, වෝල්ට් මීටරයක් හෝ , මල්ටි මීටරයක් නොමැති නම් මෙම පරීක්ෂා කිරීම කළ නොහැකිවනවා. අධර්යයමත් වන්න එපා. පරීක්ෂා කිරීම අත්‍යවශයම නැහැ.

වෝල්ට් මීටරයක් තියෙනවා නම් පරීක්ෂා කරන්නේ මෙන්න මෙහෙමයි. අදාල පරිපථයේ හෝල්ඩරයට සම්බන්ධ කළ හැකි කොටස ප්‍රධාන විදුලි මාර්ගයට සම්බන්ද කරන්න. මේ සදහා නිවසේ තිබෙන සාමන්‍ය විදුලි බුබුලක් දැල්වීම සදහා පාවිච්චි කරන හෝල්ඩරයක් යොදාගන්න. එසේ සම්බන්ධ කිරීමේදී ඔබ අනිවාර්යෙන්ම පාවහන් පැළද සිටිය යුතු අතර , සී.එෆ්.එල්. පරිපථය කිසිදු විටක අතින් නොඇල්ලිය යුතුය. තවද සී.එෆ්.එල් පරිපථයේ තිබෙන කම්බි වැනි අග්‍ර කොටස් 04 වෙන් වෙන්ව තිබිය යුතුය. එනම් එකිනෙක ස්පර්ෂ නොවී තිබිය යුතුය. දැන් ඔබ කල යුත්තේ සී.එෆ්.එල් පරිපථයේ තිබෙන අග්‍ර 04න් දකුනු පස තිබෙන අග්‍ර 02 වෝල්ටීයතා මානයෙන් වෝල්ටීයතාවය මැන ගැනීමයි. මේ සදහා ඒ.සී. 230V වෙත වෝල්ටීයතා මානය සකසා තිබිය යුතුය. මෙම පරීක්ෂාවෙදී ලැබෙන වෝල්ටීයතා අගය 60V 110V අතර අහගයක ඇත්නම් ඉතිරි අග්‍ර දෙකේද ඉහත පරිදිම වෝල්ටීයතාවය පරීක්ෂා කරගන්න.දකුනු පස සහ වම්පස අග්‍ර දෙකෙහිම ඉහත පරිදි 60V-110V අතර සමාන වෝල්ටීයතා අගයක් ලැබුනේ නම් එයින් කියවෙන්නේ සී.එෆ්.එල් පරිපථය හොද තත්වවේ පවතින බවයි.

හොදයි, පරීක්ෂාකිරීම කලා නම් ඔබ අනිවාර්යෙන්ම දන්නවා සී.එෆ්.එල් පරිපථය හොද තත්වයේ ඇති බව. පරීක්ෂා කිරීම නොකළා වුවත් මී ලගට ඔබ කල යුත්තේ සී. එෆ්. බල්බයට ගැලපෙන ආකාරයේ ෆ්ලොරසන්ට් බුබුලක් වෙළදපලෙන් මිළදී ගැනීමයි. වෙළදපළෙන් අපට 18W සහ 38W වශයෙන් දෙයාකාරයක ෆ්ලොරසන්ට් බුබුලු ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. 18W එක අඩි 02ක දිගකින්ද, 38W එක අඩි 04ක දිගකින්ද යුක්ත වනවා. ඔබේ සී.එෆ්.එල් බල්බයේ සදහන් Watt ප්‍රමාණයට ගැලපෙන ෆ්ලොරසන්ට් බුබුලක් මිළදී ගන්න. 18W බුබුලක මිළ රු.85 ක් පමණ වනවා.දැන් ඔබ කළ යුත්තේ සී.එෆ්.එල් පර්පථයේ තිබෙන විදුලිය පිට කෙරෙන අග්‍ර 04න් වම් පස කෙළවර අග්‍ර දෙක ෆ්ලොරස්න්ට් බුබුලේ එක් කෙළවරකත් දකුනු පස කෙළවර අග්‍ර දෙක ෆ්ලොරස්න්ට් බුබුලේ අනිත් කෙළවරටත් සම්බන්ධ කර ගැනීමයි. ඉන්පසු ෆ්ලොරස්න්ට් බුබුලේ හෝල්ඩර් කොටසට ප්‍රධාන විදුලියට සම්බන්ධ කර බලන්න. ෆ්ලොරස්න්ට් බුබුල දීප්තිමත්ව දැල්වෙනු ඇත. නමුත් සාම්න්‍ය ෆ්ලොරස්න්ට් බුබුලක් මෙන් ගැස්සි ගැස්සි නොව සී.එෆ්.එල් බුබුලක් මෙන් එක වර දැල්වෙනු ඇත.මේ සදහා සුදුසු ආධාරකයක්/රදවනයක් නිර්මාණය කර ගැනීම ඔබ සතුයි.

ජාලිය චතුරංග

CH Mobile
This service is help customers to repair broken phones & computer immediatly & good suppord to our customers.......

Saturday, October 25, 2014

Windows 7 Login Screen එකට අපි කැමති රූපයක් දාගන්න කැමතිද?



Windows 7 Login Screen එකට අපි කැමති රූපයක් දාගන්න 
 
කැමතිද?
 
created by jaliya chathuranga


Windows 7 පාවිච්චි කරන අයට පරිගණකය ක්‍රියාත්මක කරද්දී හා ක්‍රියා විරහිත කරද්දී එන්නේ ඉහත Window එක විදියටනේ.කැමතිද එක වෙනස් කරගන්න? හරි, මම කියන විදියට කරොත් වැඩේ වරදින්නේ නම් නැහැ.අපි දැන් වැඩේට බහිමු වැඩිය පුරාජේරු නැතුව.
  • මුලින්ම Run Box එක ලබාගන්න.එය ලබාගැනීමට Star > All Programs > Accessories > Run


  • දැන් එම Run Box එක තුල regedit යන්න ටයිප් කර වින්ඩොස් රෙජිස්ටරි එකට යන්න.එයට යාමේදී ලැබෙන පණිවිඩයට  Yes විධානය ලබා දෙන්න.දැන් ඔබට පහත ආකාරයට එම රෙජිස්ටරි වින්ඩොව් එක දැක ගත හැකි වේ.

  •  එම වින්ඩොව් එක ලැබුණු පසු එහි ඇති HKEY_LOCAL_MACHINE එක ගාවට Mouse pointer එක ගෙන ගොස් right ක්ලික් කර find යන එක තෝරාගන්න.


  • එහිදී එන වින්ඩොව් එකට OEMBackground යන්න ටයිප් කර Find Next යන්න තෝරා ගන්න.



  • එවිට පහත ආකාරයට වින්ඩොවක් ලැබෙයි.



  • එහිදී ලැබෙන වින්ඩොව් එකෙන් OEMBackground එක Double ක්ලික් කර ලැබෙන වින්ඩොව් එකේ තියෙනValue data: කියල තිබෙන එකේ 0 ලෙස සටහන් වී ඇත.එය 1 ලෙස මාරු කර OK කර රෙජිස්ටරි වින්ඩොව් එකclose කරන්න.

  •   දැන්  ඔබ C:\Windows\System32\oobe යන folder එක හොයාගන්න.

  • එම  oobt folder එක ඇතුලේ Info කියලා වෙනම folder එකක් හදන්න.

  •  දැන් එම Info folder එක ඇතුලේ backgrounds කියලා වෙනම folder එකක් හදන්න.

  • දැන් ඔබ හදාගත්තු  folder  එකට ඔබ කැමති රූපයක් ගෙනත් paste කරගන්න.එම paste කරගත්තු රුපයේ නමbackgroundDefault.jpg ලෙස වෙනස් කර එම වින්ඩොව් එක close කරගන්න.

 දැන් ඔබට ඔබ තෝරා ගත්තු රුපය Windows 7 Login වෙද්දී හා LogOut වෙද්දී පහත ආකාරයට දැක ගත හැකි වේ

Gmail Inbox සම්පූර්ණයෙන් Clear කරමු


Gmail Inbox සම්පූර්ණයෙන් Clear කරමු


මේ කියන්න යන්නේ අමුතු දෙයක් ගැන නම් නෙවෙයි.  හැමෝටම පේන්න තියෙන ඒත් අවධානය යොමු නොවුණු පුංචි තැනක් ගැනයි. Gmail Inbox එකේ ඇති සියලුම Email එකවර Select කිරීමේ විකල්පයක් බොහෝදෙනෙක් දැක නැතත් Inbox එකේම උඩින්ම තිබෙනවා.

මේ සඳහා ඔබ කළයුත්තේ ඔබේ ඉන්බොක්ස් එකෙහි සාමාන්‍ය පරිදි පළමු පිටුවේ ඇති Emails සියල්ල සිලෙක්ට් කිරීම පමණයි. ඒ සඳහා ඔබට Select All විකල්පය තෝරාදිය හැකියි.







ඉන්පසු ඔබේ Inbox එකේ පළමු පිටුවේ ඇති ඊමේල් සියල්ල select වනු ඇති. එමෙන්ම එම Email සංඛ්‍යාව select වී ඇති බවත්, Inbox එකේ ඇති සියලුම Email select කළහැකි විකල්පයකුත් එම Emails වලට ඉහළින් පෙනෙනු ඇති.






දැන් ඔබ කළයුත්තේ මෙම Select all #### conversations in Inbox යන්න මත ක්ලික් කිරීමයි. එවිට ඔබේ Inbox එක තුළ එදා මෙදා තුර පැමිණි සියලුම Emails select වනු ඇත. දැන් ඔබට Delete මත ක්ලික් කර එම ඊමේල් සියල්ල එකවර මකා දැමිය හැකියි හැකියි.





ඉන්පසු ඔබේ Inbox එක clear වනු ඇති.




මේ අපි බොහෝදෙනෙකුගේ ඇස්වලට පෙනි පෙනී අපි නොදකින තවත් එක් දෙයක් විතරයි. තවත් මෙවැනි දේ ඇති. සොයා බලන්න.

ලිව්වෙ,
ජාලිය චතුරංග,
CH Mobile

Sunday, October 19, 2014

 

How to Increase the Speed of the Internet Browser – Internet Browser එකේ Speed එක වැඩි කර ගන්නේ කොහොමද

 


අපි හැමෝටම ගොඩක් වෙලාවට ඉතින් Internet Speed එක ප්‍රශ්නයක්නේ. ඉතින් එක එක ඒවා අපි කරලා බලනවා. දැන් කියන්න යන්නේ මේකට තවත් solution එකක්. ඒ තමයි High Speed Brower එකක්. මේ Brower එක තමයි CoolNova. මේක අනිත් ගොඩක් Brower වල එකතුවක් වගේ. මොකද එවල තියෙන Advance Feature ගොඩක් මේකේ තියෙනවා. තවත් විශේෂ දෙයක් තමයි HTML5 කියන අලුත්ම Technology එක මේ Browser එකේ ඉතා හොදින් වැඩ කරනවා . Try කරලා බලන්නකෝ





How to Increase the Speed of the Internet Browser


Most of time, we are facing troubles with the internet speed, don’t you? So we test many many things to make it speed. Now we’re going to tell you another solution for this. It’s about a High Speed Browser and this browser is known as CoolNova. This is combination of many other browsers. This has many advanced features as other browsers have. And one of significant things of this browser is having HTML5 technology. This is a good browser, just t
  
  CH Mobile
 This service is help customers to repair broken phones & computer immediatly & good support to our customers.....

Tuesday, October 14, 2014

ch mobile

This service is help customers to repair broken phones & computer immediatly & good suppord to our customers.......

TV රිමෝට් කන්ට්‍රෝලරයෙන් 230V බල්බ් දල්වමු. ෆෑන් ON/OFF කරමු.

TV රිමෝට් කන්ට්‍රෝලරයෙන් 230V බල්බ් දල්වමු. ෆෑන් ON/OFF කරමු.

ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත යන කියමන මිනිස් සමාජය අරඹයා නිර්මාණය වූවක් වුවත් දුරස්ථ පාලක සම්බන්ධයෙනුත් එය සත්‍යයක් වන බව මා මෙන්ම ඔබත් අත්දැක ඇතුවාට කිසිදු සැකයක් නැහැ. මා එසේ පවසන්නේ ටී.වී රිමෝට් කන්ට්‍රෝලරයෙන් කැසට් යන්ත්‍රය හෝ ඩී.වී.ඩී ප්ලේයරය හැසිරවීමට නොහැකිවා සේම ඒ.ඒ. උපකරණයන්ට අදාලව නියමිත දුරස්ථ පාලකය මගින් පමණක් අදාල උපකරණය හැසිරවිය හැකි බව අත්දැක ඇති නිසාවෙනි. කෙසේ වෙතත් මා අද සාකච්චා කිරීමට බලාපොරොත්තු වන්නේ කිසියම් උපකරණයකට අදාලව නිකුත් කෙරෙන දුරස්ථ පාලකයකට ප්‍රතිචාර දක්වන ග්‍රාහකයක් නිර්මාණය කරගත හැකි ක්‍රමවේදයක් සම්බන්ධවයි. අවසාන අදියරේදී දුරස්ථපාලකයක් මගින් 230V විදුලියට සම්බන්ධ කර තිබෙන බල්බ, විදුලි පංකා වැනි උපාංගයක් බලගැන්වීම දක්වා සාකච්චා කිරීමටත් අදහස් කරන අතර ඉන්ෆ්‍රාරඩ් තාක්ෂණය සම්බන්ධයෙන් ඉංග්‍රීසි භාෂාවෙන් ඇති සරල මෙන්ම සම්පූර්ණ හැදින්වීමක් මෙම සබැදියෙන් ලබාගත හැකියි.

ඉන්ෆාරඩ් සෙන්සරය (Photo Module) හදුනාගනිමු.
 දුරස්ථ පාලකයකින් හැසිරවිය හැකි ගෘහාශ්‍රිත උපකරණ බොහෝමයකම, දුරස්ථපාලකයේ සිට අදාල උපකරණය වෙත සංඤා නිකුත් කෙරෙනුයේ කිලෝහර්ට්ස් 38 හෝ ඊට ආසන්න සංඛ්‍යාතයක් ඔස්සේයි. ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන ඉන්ෆ්‍රාරඩ් ග්‍රාහක පරිපථයේ හදවත සේ සැලකිය හැකි ඉන්ෆ්‍රාරඩ් සෙන්සරය, Photo Module , Photo Sensor යන විවිධ නම් මගින් හැදින්වෙන අග්‍ර 03කින් සමන්විත කුඩා උපාංගයකි. මෙම උපාංගය ක්‍රියාත්මක වීම සදහා වෝල්ට් 05ක විදුලියක් අවශ්‍ය වන අතර  ඉදිරියට මදක් නෙරා ඇති පැත්ත මුහුණත දෙසට හරවා ගත් කළ වම් පසින් ඇති එක ලගින් පිහිටන අග්‍ර දෙකට පිළිවෙලින් 0V සහ +5V ලබා දිය යුතුය. මදක් දකුණු පසට වන්නට පිහිටන අග්‍රය පිටවුම් අග්‍රය (Out Put) ලෙස පහසුවෙන් හදුනා ගත හැකිය. IR සංඤාවක් නොමැති විට පිටවුම් අග්‍රය මගින් 5V පිටකරනු ලබන අතර IR සංඤාවක් ලද වහාම එහි පිටවුම් අග්‍රයේ වෝල්ටීයතාවය වෝල්ට් 2ක පමණ අගයක් දක්වා වෙනස් වීම මෙම උපාංගයේ සරල ක්‍රියාකාරීත්වයයි.සාමාන්‍යයෙන් මෙවැනි උපාංගයක මිළ රු.50/= කට ආසන්න වන අතර ප්‍රධාන පෙළේ ඉල්‍රක්ට්‍රොනික් උපාංග අලෙවිසල් වල  දක්නට ලැබෙන්නකි.

සරල දුරස්ථ පාලක ග්‍රාහක පරිපථය
This service is help customers to repair broken phones & computer immediatly & good suppord to our customers.......

Sunday, October 5, 2014

2014 ලොව තාක්‍ෂණයෙන් උසස්ම ජංගම දුරකථන 10




2014 ලොව තාක්‍ෂණයෙන් උසස්ම ජංගම දුරකථන 10…

 
 
 
 
ඔබේ දුරකථනයත් මෙතන තියනවද කියලා බලන්න 

TOP 1- SMART PHONES
SUMMER 2014
10. Samsung Galaxy S4
9. Moto G
8. HTC ONE
7. iPhone 5s
6. Sony XPERIA Z1
5. Google Nexus 5
4. LG G2
3. Samsung Galaxy S5
2. Sony XPERIA Z2
1. HTC ONE 8

CH Moble
This service is help customers to repair broken phones & computer immediatly & good suppord to our customers.......

2GB File එකක් ඊමේල් කරන්න හරිම පහසුයි නේ….








මේක හැමෝටම තියන ගැටලුවක් නේද ? කොහොම මේ ලොකු file එකක් කට්ටිය එක්ක බෙදාගන්නෙ කියලා, දැනට තියන කිසිම ඊමේල් සර්විස් එකක් 50MB වත් ඊමේල් කරන්න බෑ, යාලුවො එක්ක file එකක් share කරන්න කොපමණ අමාරුද නේ ? දැන් ඔන්න ඒක විසදුමක් තියනවා, rapidshare ඕනේ නෑ, register වෙන්න ඕනේ නෑ, දැනගන්න ඕනේ යාලුවන්ගේ ඊමේල් එක විතරයි. HSDPA පාවිචි කරන අයට හරිම ගැටලුවක්නේ මේ rapidhsare වලට එහෙම download කරන්න බැරි එක. ඕනේ නම් file ගොඩක් එක පාර ඊමේල් කරන්ත් පුලුවන්… මරු නේ ?
කොහොමද කරන්නෙ ?


filemail.com තමයි සයිට් එක. හරිම ලේසියි, ඔයාගේ ඊමෙල් එක ගැහුවා, යාලුවන්ගේ ඊමේල් ගැහුවා, message එක type කරා, file ටික attache කරා, send කරා… එපමණයි…. දවස් 30 දක්වා ඒ file තියාගන්නවා. 2GB දක්වා file යවන්න පුලුවන්, අඩුම size එක 5mb :D

Saturday, October 4, 2014

Android secret codes




10 Hidden Android secret codes

*#*#232337#*# – Show device’s Bluetooth address
*#*#273282*255*663282*#*#* – Backup of all media files
*#*#7262626#*#* – Perform a field test
*#*#7780#*#* – Reset the data partition to factory state
*#*#4636#*#* – Information about your phone and battery
*#*#1472365#*#* – GPS test
*#*#2664#*#* – Touch screen test
*#*#0673#*#* – Melody test
*2767*3855# – Total mobile wipe & reinstalls the phone’s firmware
*#*#7780#*#* – Reset phone to factory state (only deletes application data and applications)

CH Mobile  (  This service is help customers to repair broken phones & computer immediatly & good suppord to our customers  )

ch